හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද(19) නියෝග කළේය.
මෙම තීන්දුව අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී .
2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ