ලබන සතියේදී උතුරු ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත මහවිරු සැමරුම්වලට එරෙහිව තහනම් නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා. වව්නියාව සහ මන්නාර මහේස්ත්‍රාත් අධිකරණ මගින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පුද්ගලයන් 05 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති අතර වව්නියා මහේස්ත්‍රාත් අධිකරණය මගින් පුද්ගලයන් 08 දෙනෙකුට එරෙහිව බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර තිබේ.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ මෙම නියෝග ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී වාර්තා වූයේ තහනම් සංවිධානවල හෝ තහනම් සංවිධානවල සාමාජිකයන් ප්‍රදර්ශනය නොවන පරිදි මහවිරු සැමරු පැවැත්වීමට ආරක්ෂක අංශවල අවසර ලැබී ඇති බවයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට