යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් පහර දුන් බව කියන ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට එම විශ්වවිද්‍යාලයේ විනය කමිටුව තීරණය කර තිබෙනවා.
මෙම වසරේ ඔක්තෝබර් 08 වන දින ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන්දෙ 06 දෙනෙකුට පහර දීම හේතුවෙන් එම නවක සිසුන් 06 දෙනා තුවාල ලැබූ බව වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් 12 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ සම්බන්ධව පැවති පරීක්ෂණ කටයුතුවලට අදාළ වාර්තාව ඊයේ (18) නිකුත් කළ අතර එහිදී ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකු වැරදිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හා විනය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය නන්ද කුමරන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ කටයුතු සිදු කෙරී තිබෙන අතර එහිදී වරදකරුවන් බවට පත් වූ සිසුන්ගෙන් 04 දෙනෙකුට මාස 06ක පන්ති තහනමක් ද, ඉතිරි තිදෙනාට වසරක පන්ති තහනමක් ද පනවා තිබෙනවා.
මේ අතර අදාළ පන්ති තහනම් කාල සීමාව තුළ විශ්වවිද්‍යාලය එම සිසුන්ට තහනම් කලාපයක් බව ද එම වාර්තාවේ සඳහන්.
තව ද වරදකරුවන් වූ සිසුන් සියලු දෙනාගේ ම ශිෂ්‍යාධාර ඇතුළු සියලු ම පහසුකම් අත්හිටුවා තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ