වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශයේ අංක 05/2001 චක්‍රලේඛය මගින් ‘අවශේෂ කැලෑ’ වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා, ආරක්ෂාව තහවුරු කර තිබූ වනාන්තර පද්ධතිවල කළමනාකාරීත්වය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට රජය තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.
මෙම අවශේෂ කැලෑ යටතට ජෛව විද්‍යාත්මකව ඉතා ඉහළ වටිනාකමක් සහිත අක්කර දහස් ගණනක් අයත්වන අතර විශාල වනාන්තරවල සිට කුඩා සංවේදී පරිසර කලාපද මීට ඇතුළත් කර ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ. ගංගා ඇළදොළ රක්ෂිත, ඇතැම් ජලපෝෂක ප්‍රදේශ, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් මෙම අවශේෂ වනාන්තර තුළ දක්නට ලැබෙනව බවද ඔහු පෙන්වා දෙයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ