ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ෆිනෑන්ස් ආයතනයේ සේවය කළ සැකකරුවන් 8 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.
ඔහුට ඊයේ පස්වරුවේ මෙලෙස පහර දී තිබුණේ මිරිහාන, පරණ කොට්ටාව පාර ප්‍රදේශයේ පිහිටි කල්බදු මූල්‍ය ආයතනයක් ඉදිරිපිටයි. ඊයේ පස්වරු 06.20 ට පමණ එම ආයතනයේ සේවකයින් පිරිසක් සහ පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලැබී තිබෙනවා. පසුව එම ස්ථානයට මිරිහාන පොලීසියේ නිලධාරීන් ද පැමිණියා.
අදාළ පහරදීමෙන් තුවාල ලැබූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන, කලූබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. සිදුකෙරුණු විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ සමීපතමයෙකු, අදාළ කල්බදු මූල්‍ය ආයතනය හරහා ලබාගත් තී‍්‍ර රෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.
මෙලෙස පහරදීමෙන් මියගිය 53 හැවිරිදි වියේ පසුවූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන, තී‍්‍රරෝද රථ රියදුරන් වෙනුවෙන් වෘත්තීය අරගලයක නිරත වූ අයෙක්.
More Stories
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ
විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට
ජනපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන්න සජිත් සුදානම් – සජිත්