ඇමරිකානු පොලිස් නිලධාරියකු අතින් මරණයට පත් වූ කළු ජාතික George Floyd වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුල සිදුකෙරෙන විරෝධතා වෙනත් ආරකට යොමුවෙමින් පවතී.මේ අනුව ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනයාට අගෞරවයක් සිදු කල ගවේෂකයින්ගේ සහ යටත්විජිත වාදීන්ගේ ස්මාරක ඉවත් කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතා රැල්ලක් ආරම්හ වී තිබේ.මීට පෙරද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සිඩ්නි නගරයේ පවතින කපිතාන් James Cookගේ පිළිරුව සහ Lachlan Macquarie පිළිරුව මෙම විරෝධතා රැල්ලේ ඉලක්ක බවට පත්ව තිබේ.
එමෙන්ම ඇඩිලේඩ් හි වික්ටෝරිය චතුරශ්‍රයේ ඇති, ‘White Australia Policy’ හෙවත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීමේදී සුදු හම සහිත මිනිසුන් සිටින රටවල පුද්ගලයින් පමණක් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්තියේ පුරෝගාමියා ලෙස නම් දරා ඇති හිටපු අගමැති Charles Cameron Kingston ගේ පිළිරුවද මේ අතර වේ.
Black Lives Matter විරෝධතාකරුවන් විසින් එක්සත් රාජධානියේ Bristol Harbour හි ඉදිකොට තිබු වහල් වෙළෙන්දෙකු වශයෙන් කටයුතු කළ Edward Colston ගේ පිළිරුවක් ඉවත් කිරීම සහ වහල් වෙළෙන්දෙකු වශයෙන් කටයුතු කළ Robert Milligan ගේ පිළිරුවක් ඉවත්කිරීමත් සමග මෙම නව විරෝධතා රැල්ල ඔස්ට්‍රේලියාව තුල ආරම්භ වී තිබේ.

*අන්තර්ජාලය ඇසුරෙන් SBS
Chanaka Aravinda
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්