මධ්‍යම අධිවේගයේ දුෂණ රැසක් “කෝප් ” කමිටුවේදී එළියට

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා රැසක් හෙළිකර ගැනීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සමත්වී ඇත.

මේ අනුව මාර්ගය සඳහා ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7 කට වැඩි මුදලක් වැයකර තිබෙන බව අනාවරණය කර ගෙන තිබේ. කෝප් කමිටුව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී මේ බව හෙළිකර ඇත.

එසේම කඩවත සිට මීරිගම දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ වැඩ ඇරඹීම 2015සිට 2019 තෙක් වූ ප්‍රමාදය නිසා රුපියල් බිලිය 8ක මූල්‍ය අලාභයක් සිදුව තිබෙන බව අනාවරණය කර ගෙන ඇත.

ශක්‍යතා අධ්‍යයනය සඳහා සමාගම තෝරාගැනීම ද ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුකර ඇති අතර 2012 දී උතුරු අධිවේගී මාර්ගය ලෙස පියවර 3 ක් යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස පියවර 4 ක් යටතේ වෙනස් ව තිබේ. මුල් ව්‍යාපෘතිය වෙනස් වීම නිසා සිදුවූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙසත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ වත්මන් තත්වය ලෙස කඩවත – මීරිගම කොටසේ වැඩ කටයුතු සියයට 5 ක ප්‍රමාණයක අවසන් බවත් අනාවරණය කර ගෙන ඇත.

මීරිගම සිට කුරුණෑගල දක්වා සියයට 75 ක් වැඩ අවසන් ව ඇති අතර ඉදිකිරීම් ලබන වසරේ ජුනි මස අවසන් කළ හැකි බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා කමිටුව හමුවේ සඳහන් කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com