කෝවිඞ් මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් මරණ 4ක් වාර්තා වීම හේතුවෙන්.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවරිදි කාන්තාවක් මිය ගොස් ඇත්තේ නිවසේ දී.
කොළඹ 15 ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 12 ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මිය ගොස් තිබෙනවා.
අයි ඩි එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 10 ප්‍රදේශයේ 75 හැවිරිදි පුද්ගලයෙකු ද මිය ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.
මේ අතර ආසාදිතයන් 391 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් රෝගීන්ගේ ගණන 20,171 බවට පත්ව තිබෙනවා
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ