මහනුවර අඹකොටේ, හාරගම සහ අනුරගම ප්‍රදේශවලින් පසුගිය බදාදා වාර්තා වූ භූ කම්පනය පිළිබඳ වාර්තාව අද දිනයේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත ලැබීමට නියමිතව තිබෙනවා.
එහි නිර්දේශවලට අනුව ඉදිරි පියවර පිළිබඳ අවධානය යොමු කරන බවයි කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා කියාසිටියේ.
03 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් මෙම විමර්ශන කටයුතු සඳහා එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබුණා.
කෙටි කාල සීමාවක් තුළ අදාළ කලාපයෙන් භූ කම්පන තුනක් වාර්තා වී ඇති බැවින් ඒවායෙන් විශාල ජලාශවල වේලි සඳහා බලපෑමක් එල්ල කරන්නේද යන්න හා කම්පන ඇතිවීමට හේතු කුමක් දැයි සොයා බැලීමයි එම විමර්ශනවල අරමුණු වී ඇත්තේ.
මූලික විමර්ශන අනුව හෙළිකරගෙන ඇත්තේ එම ප්‍රදේශවල පොළොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරවල පීඩනය නිදහස් කිරීමේ ප්රථිඵලයක් ලෙස මෙවැනි කම්පන සිදුවන බවයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට