සජිත් සහ හිටපු ජනපතිනිය අතර විශේෂ හමුවක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්විණි. එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය හා සමස්ත ලෝකයම මුහුණ දී සිටින කොවිඩ් වසංගත තත්වය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

දශකයට අධික කාලයක් මෙරට විධායක ජනාධිපති තනතුර දැරූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන් පසුවත් විටින් විට මෙරට සිදු වූ දේශපාලන පෙරළි පසුපස තීරණාත්මක චරිතයක් බවට පත් වූ අතර සජිත් – චන්ද්‍රිකා හමුව ද එවැනි තීරණාත්මක පෙරළියක ආරම්භය විය හැකිය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙදී කොරෝනා වසංගතය හමුවේ අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග හා වෙනත් කාලීන දේශපාලන තොරතුරු පිළිබඳව පමණක් දෙපාර්ශ්වයේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු වී ඇති අතර ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳවද එහිදී අදහස් හුවමාරු කරගනු ලැබීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com