කොවිඞ් ආසාධිතයන් හඳුනාගැනීමට සිදුකෙරෙන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව හෙවත් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව මේ අවස්ථාවේදී රාජ්‍ය අංශය හරහා පමණක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඉදිරියේදී එය පුද්ගලික අංශය හරහාද සිදුකිරීමට අවසර දීමටයි ඊයේ පස්වරුවේ පැවති කොවිඞ් මර්දන කාර්ය සාධක බලකායේදී තීරණය වී ඇත්තේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය / යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා / සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
ශ්‍රී ලංකාව තවදුරටත් කොරෝනා අවධානම් මට්ටම් 03 හි සිටින බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.
තත්වය යහපත් වූ වහා හුදකලා ප්‍රදේශවල සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි යුධ හමුදාපතිවරයා කියාසිටියේ.
මහනුවර – නුවරඑළිය සහ බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශවලින් ආසාධිතයන් හමුවීම ඉහළයාම පිළිබඳ දීර්ඝව අවධානයට ලක් කෙරුණු බවද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක සඳහන්.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට