ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නවසීලන්තයේ ග්‍රෙග් බාර්ක්ලේ මහතා තේරී පත්ව තිබෙනවා.
ඕක්ලන්ඩ්හි වාණිජ නීතිඥයෙකු වන ග්‍රෙග් බාර්ක්ලේ මහතා 2012 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන්නෙක්.
එම තනතුරට පත්වීමත් සමග ඔහු නවසිලන්ත ක්‍රිකට් ආයතන අධක්ෂ ධුරයෙන් ඉවත් වුණා.
ඔහු 2015 අයි සී සී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ අධ්යක්ෂවරයකු වූ අතර හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හා උතුරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයෙක් .
ග්‍රෙග් විවිධ නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු සමාගම් සමඟ අධ්යක්ෂ තනතුරු දරන පළපුරුදු සමාගම් අධ්යක්ෂවරයෙක් ද වනවා.
ලෝකයේ වැඩි පිරිසකට ක්‍රිකට් ක්‍රීඩාවට එක්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට මෙන්ම තමාට පැවරුණු බැරෑරුම් වගකීම නිසි පරිදි ඉටු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමාජිකයන් 104 දෙනා වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව ද බාර්ක්ලේ මහතා පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, ක්‍රීඩාවේ දුෂ්කර කාල පරිච්ඡේදයකදී ICC සභාපති ලෙස කටයුතු කළ ඉම්රාන් කවාජාගේ නායකත්වයට ස්තුතිවන්ත වන අතරම, අනාගතයේදී ඔහු සමග සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම