ආණ්ඩුව ධනකුවේරයන්ට, ගජමිතුරන්ට බදු සහන දී මෙවර අයවැයෙන් ඒ බර ජනතාව පිට පටවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.
ආණ්ඩුව විසින් වැඩකරන ජනතාවගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා වැඩිකිරීම පිටුපස යටි අරමුණක් සැඟවී තිබෙන බවත් එම යටි අරමුණ වන්නේ, වසරකට විශ්‍රාම යන 100,000 ක පමණ පිරිසකගේ සේවක අර්ථසාධක පාරිතෝෂිකය ලබානොදී එය ආණ්ඩුවේ අයවැය හිඟය පියවාගැනීමට යොදවා ගැනීම බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙය පැහැදිළිවම ජනතාවට කොලේ වසා ගැසීමක් බවත්, ඉදිරි අවුරුදු 05 දි (2020 – 2026) අඩුම තරමින් රැපියල් බිලියන 500 ක් පමණ මේ ආකාරයට ජනතාවට ලබානොදී තමන් සතු කරගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ