කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 න් 53 ක⁣ට කොරෝනා

කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගමක සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 53දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.

සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93දෙනෙකුගෙන් 53දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී ඊයේ ( 24) තහවුරු කරගෙන ඇත.

ඉන් පුද්ගලයින් 9දෙනෙකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනෙකුත් 44 දෙනා වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කරමින් තිබෙන අතර සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයිද සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com