ශ්‍රී ලාංකික තරුණයා රක්ෂිත බන්ධනාගාරයට – ජපන් තරුණිය පරිවාස භාරයට

ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාල වයස්කාර දැරියක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් විවාහ කරගත් ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

, එම බාල වයස්කාර දැරිය පරිවාස භාරයට යොමු කිරීමටයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.ජපන් තරුණිය ජපානයේ සිට සිය පෙම්වතා සමඟ මෙරටට එද්දී ඇගේ වයස අවුරුදු 15ක් හා මාස 6කි.

කටුනායක ගුවන් තොටුපොළේදී මොවුන් තානාපති කාර්යාල හා පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර එහිදී ජපන් දියණිය නිලධාරීන්ට පවසා ඇත්තේ පෙම්වතා දමා පැමිණි නොහැකි බවකි.

පසුව තානාපති නිලධාරිනියන්ගේ මැදිහත්වීම මත ජපන් තරුණිය හෝටලයක නතර හෝටලයක නතර කර ඇති අතර පසුව ශ්‍රී ලාංකික පෙම්වතා ඇය රැගෙන පලාගොස් මාස 7ක් තිස්සේම සැඟවී සිට ඇත. ඔවුන් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඉන් අනතුරුවයි. එහෙත් මේ වන විට ඇගේ වයස අවුරුදු 16යි මාස දෙකකි. ඇය සය මස් ගැබිනියකි. ශ්‍රී ලාංකික පෙම්වතා 24 හැවිරිදි තරුණයෙකි.

මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු තිදෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළා.ශ්‍රී ලාංකික තරුණයා අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර එම දැරියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ.

මොවුන් මීට මාස පහකට පෙර දිවයිනට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික දැරියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙම දැරියගේ මව ජපාන තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com