අද(29) දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 487ක් හඳුනා ගෙන තිබේ.
ඔවුන් සියලු දෙනා දේශියව හදුනාගත් අය වන අතර වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර ඒ 223කි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 78 ක් ද මහනුවරින් රෝගීන් 15 ක් වාර්තා විය.
අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ කොළඹ මාළු වෙලදපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ සම්පුර්ණ රෝගීන් ගණන 19447 කි. ඉන් පුද්ගලයින් 13223ක් මේ වන විට පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඊයේ දිනය වන විට මෙරට තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් ගණන 22998ක් වන අතර ඉන් පුද්ගලයින් 16655ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර ඊයේ දිනය වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල පුද්ගලයින් 6224ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.
මෙරට කොරෝනා ආසාදනය විමෙන් ම්යගිය ගණන 109ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53ක් තුළ පුද්ගලයින් 5279ක් නිරෝධායනය වෙම්න් සිටියි.
ඊයේ දිනය තුළදී පීසීආර් පරීක්ෂණ 11936ක් සිදුකර ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ