පැහැරගෙන ආවා යැයි කියන ජපන් තරුණියගේ ඇත්ත කතාව

බාල වයස්කාර ජපන් ජාතික තරුණියක් මෙරටට රැගෙන ඒම සහ ඇය ගැබිණියක් වීම හේතුවෙන් මේ වනවිට සිරගතවී සිටින තරුණයා හා සම්බන්ධ සිද්ධිය ට අදාළ ජපන් ජාතික තරුණියගේ ප්‍රකාශයන් සමග මෙම පුවත නව දිශාවකට යොමුව ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජපන් තරුණියගේ ලාංකික පෙම්වතා මේ වන විට සිරගතව සිටින අතර තරුණිය පරිවාස භාරයේ පසුවනවා.

කෙසේ වෙතත් තරුණියගේ මවද, ශ්‍රී ලාංකිකයෙකු සමඟ සබඳතා පවත්වාගෙන යන බවට මේ වනවිට හෙළිවී තිබෙනවා.

තම දියණිය ජපානයේ සිට ශ්‍රී ලාංකික තරුණයෙකු පැහැරගෙන පැමිණි බවට මෙම කාන්තාව පසුගිය මාර්තු මාසයේදී මෙරට පොලිසියට පැමිණිලි කර තිබූ අතර ඔවුන් සොයා ගැනීමෙන් පසුව තරුණයා සහ 16 හැවිරිදි ජපාන තරුණිය පසුගිය 26 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා..

කෙසේ වෙතත්, ඇය සහ අදාළ තරුණයා මීට මාස පහකට පෙර මෙරටට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික තරුණියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් බවට අනාවරණය වී තිබෙනවා .

ජපන් ජාතික තරුණියගේ ප්‍රකාශයට අනුව මව සමඟ සබඳතා පවත්වන වෙනත්  ලාංකික පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ හෝටලයක් තුළ දින කිහිපයක් මවගේ අනුදැනුම මත එම තරුණිය අපයෝජනයට ලක් කර තිබෙනවා.ඒ මීට පෙර මව සමඟ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදියි.

ජපන් තරුණිය වැඩි දුරටත් පවසන්නේ තමන්ට සිදුවූ අකටයුතුකම් දර ගැනීමට නොහැකිව තමන් ස්ව කැමැත්තෙන්  තම පෙම්වතා සමග මෙරටට පැමිණි බවත් තම මව සහ  මවගේ පෙම්වතා අත් අඩංගුවට ගත යුතු බවත් ය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com