කොබෙයිගනේ ප්‍රදේශයේ නිතී විරෝධී වැලි ගොඩදැමීමේ සිදුවීමක් වැළැක්වීමට යාමේදී මියගිය පොලිස් නිළධාරියාගේ මරණයට වගකිව යුතු සැකකාර ටිපර් රථ රියදුරා නිකවැරටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ ටිපර් රථයද කුලියාපිටිය ප්‍රදේශයේදී සොයා ගත් බවයි පොලිසිය සඳහන් කලේ.
වැලි ජාවාරමක් වැටලීමට යාමේදීයි අද අලුයම 12 ට පමණ අදාල පොලිස් නිළධාරියා යට කරමින් මෙම ටිපර් රථ රියදුරා පළාගොස් තිබුණේ.
එහිදී වැලි ජාවාරම් කිරීමේ නිරත වූ ටිපර් රථයක් එම ස්ථානයෙන් පළා යෑමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් එය නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.
ටිපර් රථයේ රියදුරු විසින් එම පොලිස් කොස්තාපල්වරයා යටකර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඉන් බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා නිකවැරටිය රෝහලට රැගෙන ගිය අතර, ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණා.
සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 32 හැවිරිදි දෙදරු පියෙක්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ