මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිව්දෙනෙකුගේ මෘත දේහයන් රාගම ශික්ෂණ රෝහලේ මේවන විට තැන්පත් කර ඇති බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනෙකු රෝහලට ඇතුළත්කර ඇති බවයි.
__________________________________________________________________
පෙර පුවත : මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරීමේදී එක් රැඳවියෙකු මියගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.
කෙසේ වෙතත්, මේ වනවිට එම නොසන්සුන් තත්ත්වය පාලනය කරමින් පවතින බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම නොසන්සුන් තත්ත්වය හට ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් සඳහන් කළා.
මහර බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබෙනවා.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට