බන්ධනාගාර තුළ අදිසි හස්තයක් – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

වර්තමාන රජය අපකීර්තියට පත්වන ආකාරයේ යම් යම් ක්‍රියාකාරකම් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව පෙනෙන බවත් මේවට අනුබල දෙන්නේ කවුද කියා සෙවීමට අවශ්‍ය බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය විසින් මත්ද්‍රව්‍ය වැටලීම් වලට විශේෂ ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් අද වන විට බන්ධනාගාර ගත වී තිබෙනවා

බන්ධනාගාර තුළ 11,000 ක් පමණ රඳවා ගැනීමේ හැකියාව මේ වන විට 32,000 ක් පමණ දක්වා වැඩි වී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය පවසා සිටියේ විශාල වැඩපිළිවෙලක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මකයි.

කොරෝනා පාලනයට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

බන්ධනාගාරය තුළින් පලායන උත්සහයක් තිබුණා.දැන් සියලු කටයුතු මර්දනය කර තිබෙනවා .මේ වන විට අවාසනාවන්ත ලෙස අට දෙනෙක් මිය ගියා.

කවුද මේකට අනුබල දෙන්නේ කියලා සෙවීමට අවශ්‍යයි. රහස් පොලීසියටත් මෙය අපි බාර දෙනවා යැයි ද අමාත්‍යවරිය පවසා සිටියා

එම හේතුව නිසා මේ වන විට බන්ධනාගාර තුළ විශාල තදබදයක් ඇති ව තිබෙන අතර කොවිඩ් දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වූ වහාම බන්ධනාගාර තුළ රෝග ව්‍යාප්තිය පාලනයට විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව යෙදවූ බව ද, පිටස්තර පුද්ගලයින් ඒ තුළට යාම වැලක්වීමට මෙන්ම බාහිරින් අහාර භාණ්ඩ රැගෙන ඒම වැලක්වීමට කටයුතු කළ බව ද අමාත්‍යතුමිය මෙහි දී සඳහන් කර සිටියා

WP Twitter Auto Publish Powered By : XYZScripts.com