මහනුවර දිගන ප්‍රදේශයේ භූ චලනයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්නැයි එම ප්‍රදේශ වාසින් රජයෙන් ඉල්ලීමක් කරනවා.
දිගන අඹකොටේ ප්‍රදේශයට ඊයේ රාත්‍රි 8.45ට පමණ යලි කම්පන තත්වයක් සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් සදහන් කලේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය ප්‍රකාශ කලේ එය පල්ලෙකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති අතර එහි අගය ඒකක 2ට වඩා අඩු අගයක් පෙන්වු බවයි.
පසු ගිය මාස දෙකක පමණ කාලයක් තුල මහනුවර ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ භූ කම්පන සම්බන්ධයෙන් විමර්ශන සදහා පත්කළ කමිටුව මේ පිලිබද වැඩි දුර පරීක්ෂණ සිදු කරන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය සඳහන් කලා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ