අද අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ කුමන පාර්ශවයක් බලයේ සිටියද කොරෝනා වසංගතයේ අභියෝගයට මුහුණදීම අසීරු කාර්යයක් බව තමන් පිළිගන්නා බවයි.
එසේ වුවද විපක්ෂය විසින් වසංගතය පාලනයට වැදගත්වන යෝජනා ඉදිරිපත් කර තිබියදීත් රජය ඒවා ක්‍රියාත්මක නොකිරීම ගැන තමන් කණගාටු වන බවද විපක්ෂනායකවරයා කියා සිටියා.
කොරෝනා වසංගතයට වඩා අදවනවිට රටතුල පවතින බෝ නොවන රෝග භයානක බව අමාත්‍ය විමල් වීරවංශ මහතා විවාදයේදී පෙන්වා දුන්නා. බෝ නොවන රෝග පාලනයට විසදුම් සෙවීමකින් තොරව මෙරට තුල නිරෝගීමත් සමාජයක් ගොඩනැගිය නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.
ගෝලීය වසංගතයකට රට මැදිවී සිටින අවස්ථාවක ලබන වසර සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බවයි විවාදයේදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටියේ.
ලබන වසරේදී සෞඛ්‍ය ක්සේත්‍රයේ සංවර්ධන උපායමාර්ගයන් ප්‍රධාන අංශ 4ක් ඔස්සේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
කොරෝනා වසංගතයට මුහුණදීම එහි ප්‍රධාන අංශය බවයි අමාත්‍යවරිය කියා සිටියේ.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට