මහර බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 600 කට ආසන්න පිරිසක් තවදුරටත් අනුයුක්ත කර තිබෙනවා.
එමෙන්ම කොවිඞ් ආසාධිත රැඳවියන් 187 දෙනෙකු කොළඹ බන්ධනාගාරයටද තවත් 78 දෙනෙකු අඩාලච්චේන නිරෝධායන මධ්‍යස්ථානයටද යොමුකල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.
බන්ධනාගාරයේ තත්වය මේ වනවිට බොහෝ දුරට පාලනය කර අවසන් බවද ඔහු ප්‍රකාශ කලා.
මේ අතර මහර බන්ධනාගාරයේ ගොඩනැගිලි ඇතුලු දේපළ රැසකට හානි සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.
ඒ සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලබාගැනීමට නියමිත බවද ඔහු සඳහන් කලා.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 71 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් බහුතරයක් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවයි රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා නිව්ස් රේඩියෝවට සඳහන් කලේ.
ඔවුන් අතරිනුත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ තත්වය බරපතළ බව රෝහලේ අධ්‍යක්ෂවරයා කියාසිටියා.
කෙසේවෙතත් තුවාල ලැබූ තවත් කොපමණ පිරිසක් බන්ධනාගාරය ඇතුළත තවමත් සිටී දැයි නිල තොරතුරු නොමැති බව අධ්‍යක්ෂවරයා කියාසිටියා.
ඊයේ පස්වරුවේ හටගත් මෙම නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකුද වනවා.
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඞ් 19 වෛරසය ආසාධනයවීමත් සමÛ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දරා තිබුණා.
එහිදී හටගත් නොසන්සුන්තාවය පාලනයට පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට සිදුව තිබුණා. නොසන්සුන්තාවය පාලනයට වෙඩි තැබීමටද සිදුවූ බවයි ආරක්ෂක අංශ සඳහන් කලේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ