මුඛ ආවරණ පැළඳීම ජුනි 15 සිට එංගලන්තයේ පොදු ප්‍රවාහනයට අනිවාර්ය වන අතර එය ප්‍රතික්ෂේප කරන්නන් දඩ මුදල් ගෙවිය යුතු බව ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් නිවේදනය කරයි.ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ෂැප්ස් මහතා කියා සිටියේ, අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් නැවත විවෘත කිරීමට ඉඩ දී ඇති බැවින්, Lockdown ලිහිල් කිරීමේ ඊළඟ අදියර කරා රට ගමන් කරන විට, Covid- 19 වෛරස් ආසාදන ඉහළ යාම වැළැක්වීම සඳහා මෙම පියවර සැලසුම් කර ඇති බවයි.
රජයේ උපදෙස් වලට අනුකූලව, නිවසේ සිට වැඩ කළ හැකි සෑම කෙනෙකුම එය දිගටම කළ හැකිය. ලන්ඩන් නැවත විවෘත කිරීමට පටන් ගන්නා විට, කරුණාකර පොදු ප්‍රවාහන සේවයෙන් වැළකී සිටින්න, හැකි සෑම තැනකම,ප්‍රවාහනයට විකල්ප ක්‍රමවේදයක් නොමැති අයට ඇති ඉඩ ප්‍රමාණය ලබා දෙන්න. දුම්රිය ස්ථාන සහ නැවතුම් ස්ථානවල සමාජ දුරස්ථභාවය ඇති කරගන්න.දුම්රිය මැදිරි දැඩි ලෙස පිරිසිදු කිරීමට සහ ලන්ඩනයේ වීදිවල සහ පාපැදි මාර්ග ඇතුළුව අපගේ සියලු මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අපි දිගටම පියවර ගන්නා බවද ඔහු මෙහිදි සදහන් කලේය.
*අන්තර්ජාලය ඇසුරින්
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය