රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ’ සිදුකිරීම සඳහා පෞද්ගලික අංශයට අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
ඒ අනුව පෞද්ගලික අංශයේ රෝහල සඳහා එම නිර්දේශයන්ට යටත්ව රැපිඩ් අන්ටිජන් පරික්ෂාව සඳහා අවස්ථාව හිමි වෙයි.
කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවද ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමත කර තිබෙන නමුත් එය කිසිලෙසකින්වත් PCR පරීක්ෂණ සඳහා විකල්පයක් නොවන බවද මෙරට සෞඛ්‍ය අංශ පවා පැහැදිලිව කියා තිබේ.
එහෙත් පවතින තත්ත්වය මත අවදානම ඉතා ඉක්මණින් හඳුන ගැනීම සඳහා මෙම පරීක්ෂණය බෙහෙවින් උපකාරී වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන්නේ.
ඒ අනුව පහත පරිදි එම පරීක්ෂණ සඳහා පෞද්ගලික අංශය නිර්දේශ නිකුත් කර ඇත.
පුද්ගලික ආයතනයකට සේවකයින් ඇතුළුවීමේදී කොවිඩ් ආසාදිතයෙකු බවට සැකසහිත රෝගී ලක්ෂණ ඇති අයෙකු වේ නම් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කළ යුතුය.පරීක්ෂාවට යොමුකරන පුද්ගලයින්ගේ තොරතුරු සහ පරීක්ෂණ ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට, දිස්ත්‍රික් වසංගත රෝගවේදියාට සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට යොමු කළ යුතුය.ආසාදිත බව තහවුරු වන්නේ නම් අදාළ අංශ දැනුවත් කර ප්‍රතිකාර ආරම්භ කළ යුතුය.ආයතනයක කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කළ හැකිය.ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවතින කර්මාන්තශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ මත PCR පරීක්ෂණ සිදුකළ යුතුය.යම් කර්මාන්තශාලාවක් කොවිඩ් අධි අවදානම් කලාපයක පිහිටා ඇත්නම් එහි සේවක පිරිසෙන් 10% ක් දක්වා පිරිසකට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා සිදුකළ හැකිය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ