සමගි ජනබලවේගයේ තවත් ප්‍රබල අපේක්ෂකයෙකු ඉවත් වෙයි

එළඹෙන මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයට තරග වැදීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නිලුකා ඒකනායක මහත්මිය විසින් සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට යවා ඇති අතර එහි පිටපත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට වෙත යොමු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිනියක වූ නිලූකා ඒකනායක මහත්මිය මධ්‍යම හා සබරගමුව පළාත්වල කලක් ආණ්ඩුකාරවරියක ලෙස ද කටයුතු කළා.

මේ අතර එළඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගයෙන් මාතර දිස්ති‍්‍රක්කයට නාම යෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මෙන්ම එම පක්ෂයෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයට නාමයෝජනා ඉදිරිපත් කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ අම්බන්ගොඩ හිටපු ප‍්‍රධාන සංවිධායක විශ‍්‍රාමික මේජර් ඩෙනට් පනියන්දූව ද එළඹෙන මහ මැතිවරණය සඳහා තරග නොකරන බව ඉකුත් දා ප‍්‍රකාශ කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com