ආශා ඩී වොස් සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වේ.ඇය සාගරයට ආදරය කරන ,සාගර සම්පත් සංරක්ෂණය කරමින් පර්යේෂණ සිදු කරන කාන්තාවකි.
කුඩා කල සිටම සාගරයට ආදරය කළ ඇය ඉතා ධෛර්යයෙන් යුතුව සිය සිහින සැබෑ කරගත් කාන්තාවකි.සමුද්‍ර විද්‍යාව පිළිබඳ මෙරට තුළ වෘත්තීය මට්ට්මකට වැඩි අවස්ථාවක් නොතිබුන ද ඇය ඒ සියලු සීමාවන් බිද ප්‍රධාන සාගර විද්‍යාඥවරිය බවට පත් වූණා.
මෙරට ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ඇය 2020 වසරේ “සාගර වීරවරිය” ලෙස නම් කර තිබේනවා, ලොව ප්‍රකට සාගර සංරක්ෂණ හා සාගර සම්පත් සුරුකුම් පිලිබඳ කටයුතු කරන ස්කුබා ඩයිවින්ග්ස් සඟරාව විසින් මෙම නම් කිරිම සිදු කර තිබෙනවා .නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනිමට පියවර ගැනීම සහ මෙරට සිසුන්ට සමුද්‍ර විද්‍යාව සම්බන්ධයෙන් සිදු කළ පුහුණුව උදෙසා ඇයට මෙම සම්මානය ලබා දී තිබෙනවා . මේ වෙනුවෙන් ඇයට ඩොලර් 5000ක ත්‍යාගයක් ද හිමි වනවා .එය සාගර සම්පත් සංරක්ෂණය පිළිබඳ උපදේශන කාර්යය වෙනුවෙන් යෙදවීමට ද ඇය බලාපොරොත්තු වනවා. ශ්‍රී ලාංකික සිසුන් සාගර විද්‍යාව වෙත යොමු කරමින් මෙරට සාගරය ආරක්ෂා කර ගැනීමට දායක කර ගැනීමට ද ඇය බලාපොරොත්තු වනවා.
ශ්‍රි ලංකාව තුල නිල් තල්මසුන් පිලිබඳව පරික්ෂණ ගණනාවක් ඇය සිදු කර ඇති අතර එම තල්මසුන් හා ලංකාව අවට ඇති සාගර සම්පත් සුරකිම වෙනුවෙන් ද ඇය විශාල මෙහෙවරක් සිදු කරමින් සිටිනවා. නොවැම්බර් දෙවැනි දින පානදුර වෙරළට පැමිණ තිබු, සියයකට ආසන්න තල්මසුන් නැවත මුහුදට යොමු කිරීම සඳහා සිය දැනුමෙන් මෙන්ම ශ්‍රමයෙන්ද ඇය දායකත්වය ලබා දුන්නා.
බීබීසී පුවත් සේවය විසින් නම් කළ ලෝකයේ වඩාත් ම බලපෑමක් කළ හැකි කාන්තාවන් 100 දෙනාට අතරට ද ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් ඇතුලත් වනවා.ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස ඇය ලොව ඉදිරියේ මෙරට අභිමානය ඔසවා තබන්නට නැවතත් සමත්ව තිබෙනවා.
“ශ්‍රී ලාංකිකයෙකු විදිහට ලෝකය වෙනස් කළ හැකි කාන්තාවක වීම මට ආඩම්බරයක්. ඕනෑ ම කාන්තාවකට පුළුවන් රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් වෙනසක් කරන්න. ඉදිරියට ඇවිත් අභියෝග භාර ගන්න ශ්‍රී ලාංකික කාන්තාවන්ට දැන් කාලය පැමිණ තිබෙනවා” යනුවෙන් අදහස් දක්වමින් ඇය පවසා සිටිනවා.
-ධීරේ-
More Stories
නවාකාරයෙන් යුත් චීන සංවර්ධනය පිළිබිඹු කෙරෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
සංකීර්ණ ගෝලීය තත්ත්වය හමුවේ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කරමින් ඇරඹෙන 16 වන බ්‍රික්ස් නායක සමුළුව
සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්රජාතන්ත්රවාදය චීනය ආශ්චර්ය දෙකක් නිර්මාණය කිරීමේ වැදගත් සහතිකයකි