මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.
එය අද හෝ හෙට දිනයේ තමන්ට ලැබෙනු ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කලේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හේශා විතානගේ මන්ත්‍රීවරයාගේ අතුරු ප්‍රශ්නයක දිගුවක් ලෙස කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් අලි සබ්රි මහතා මේ බව ප්‍රකාශ කලා.
දැනට සිංගප්පූරුවේ සිටින බවට සැක කෙරෙන අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙලෙස ඉල්ලා ඇති බවයි අලි සබ්රි මහතා තව දුරටත් කියා සිටියේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට