මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ එම ධුරයෙන් ඉවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ මහනගර සභාවේ දූෂණ සහ අක්‍රමිකතා නගරාධිපතිවරයා විසින් සිදුකරන බවට පවසමින් උප නගරාධිපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
ඒ අනුව ඒක පුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් විසින් නගරාධිපතිවරයා සම්බන්ධව වාර්තාවක් සකස් කර ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති අතර, එහි නිගමන සහ නිරීක්ෂණ වලට අනුව නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහනගර සභා ආඥා පනතේ වගන්තිවල සඳහන් වැරදි සිදුකර ඇති බවට තහවුරු වී තියෙනවා.
ඊයේ දින සිට ඔහු එම ධුරයෙන් ඉවත් කරන බවට පළාත් ආණ්ඩුකාරවරයා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ