“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදහන්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
තුවාල ලබා ඇති සිව්දෙනා පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කලේ මන්නාරම, යාපනය, කිළිනොච්චිය, මුලතිවු, වව්නියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පවුල් 3,575 ක පුද්ගලයන් 12,252 දෙනෙකු එහි බලපෑමට ලක්ව ඇති බවයි.
නිවාස 15 ක් පූර්ණව විනාශ වී ඇති අතර තවත් 192 කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබෙනවා.
පවුල් 2,911 ක පුද්ගලයන් 10,336 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 79 ක රඳවනු ලැබ සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ