ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඞ් ආසාධිතයන් 628 දෙනා අතුරින් 402 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් 104 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් වන අතර දෙමටගොඩ ප්‍රදේශයෙන් 52 දෙනෙකු වනවා.
කොළඹ මහ නගර සභාවේ සේවකයන් 49 ක්ද ඊයේ හඳුනාගත් කොවිඞ් ආසාධිතයන් අතරට අයත්.
මේ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මුලු කොවිඞ් ආසාධිතයන් ගණන 10 දහස් 542 ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාධිතයන් 66 ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා එහි හඳුනාගෙන ඇති මුලු ආසාධිතයන් ගණන 6568 ක්.
ඔක්තෝබර් 04 වනදායින් පසු ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොවිඞ් මරණ 116 අතුරින් 78 ක් එනම් සියයට 67 යි දසම 2 යි 4 ක ප්‍රතිශතයක් වාර්තා වන්නේ වයස අවුරුදු 60 ට වැඩි අය බව කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක සඳහන්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව