අයහපත් කාලගුණය පැවතියදී ධීවර කටයුතුවල යෙදෙමින් සිටියදී අතුරුදන් වූ ධීවරයාගේ සිරුර කරෙයිනගර් ඌරි ප්රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු 38 හැවිරිදි වඩුක්කෝට්ටෙයි ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
පසුගිය පළමුවැනිදා ඉස්සන් ඇල්ලීම සඳහා නොගැඹුරු මුහුදු ප්රදේශයේ ඇවිදිමින් සිටියදී දළ රළ පහරට හසුව ඔහු අතුරුදන් විය.
පොලීසිය පැවසුවේ සිරුර පිළිබඳ මහේස්ත්රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බවයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට