අමෙරිකාවේ උපජනාධිපතිනිය ලෙස තේරී පත්වුණු කමලා හැරිස් සිය කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත තරුණියක වන රෝහිණී කොසොග්ලු තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.
රෝහීණීගේ දෙමව්පියන් ශ්‍රී ලාංකිකයන් වන අතර ඔවුන් යාපනයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
කමලා හැරිස්ගේ ප්‍රතිපත්ති උපදේශක ලෙස ඇය කටයුතු කරනු ඇත.
ඩොලර් මිලියන 40 ක අයවැයක් සහිත තුන්සියයකට අධික කාර්ය මණ්ඩලයක් සිටින කණ්ඩායමක් සඳහා විවාද පිළියෙල කිරීම, ප්‍රතිපත්ති, සන්නිවේදනය සහ මෙහෙයුම් කළමනාකරණය සහ අධීක්ෂණය කළ ඇය හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාන්තාවකි. මින් පෙර, එක්සත් ජනපද සෙනෙට් සභාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ පළමු දකුණු ආසියානු-ඇමරිකානු කාන්තාව වන්නේද ඇයයි.
රෝහිණී, මිචිගන් විශ්ව විද්‍යාලයේ සහ ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර කුඩා දරුවන් තිදෙනෙකුගේ මවකි.
“මගේ දේශීය ප්‍රතිපත්ති උපදේශක ලෙස සේවය කරන්නේ ඇමරිකානු ජනතාව මුහුණ දෙන වැදගත්ම කාරණා පිළිබඳ විශේෂවේදියකු පමණක් නොව, සෙනෙට් සභාවේ සහ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මගේ සමීපතම සහ විශ්වාසවන්ත සහායකයකු වන රෝහිණී කොසොග්ලු” බව කමලා හැරිස් පැවසුවාය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ