චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය සහ අප්‍රිකානු රටවල නායකයන්ගේ භාර්යාවෝ චීන-අප්‍රිකා කාන්තා අධ්‍යාපනය පිළිබඳ රැස්වීමට සහභාගි වෙති.
එම රැස්වීම 5වැනිදා උදෑසන බෙයිජිංහි Diaoyutai රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආර්යා සහ ගැහැණු ළමුන් හා කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ විශේෂ නියෝජිත පෙං ලියුවාන් මහත්මිය එම රැස්වීමට සහභාගි වී දේශනයක් පැවැත්වූවාය. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා බෙයිජිං නුවරට පැමිණ සිටින අප්‍රිකානු රටවල් 26ක නායකයන්ගේ භාර්යාවෝ හා නියෝජිතවරු ඊට එක් වූහ.
කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේදී චීනයට සහ අප්‍රිකාවට පොදු අරමුණු ඇති බව පෙං ලියුවාන් මහත්මිය එම රැස්වීමේදී කියා සිටියාය. දෙපාර්ශ්වයම චීන-අප්‍රිකා මිත්‍ර සහයෝගීතාවයේ ජීවගුණය ඉදිරියට ගෙන යමින් වඩාත් සුන්දර ලෝකයක් ඒකාබද්ධව ගොඩනඟා බෙදාහදා ගත යුතු බව ද ඇය සඳහන් කළාය.
එසේම අප්‍රිකානු රටවල නායකයන්ගේ භාර්යාවන් අප්‍රිකානු පාර්ශ්වය වෙනුවෙන් අදහස් දක්වා තිබේ. චීනය දිගු කාලීනව අදාළ ක්ෂේත්‍රවල විවිධ අප්‍රිකානු රටවලට සහාය ලබා දීම පිළිබඳව ඔවුහු ප්‍රශංසා කළහ. චීනය සමඟ එක්ව සමගිය හා සහයෝගිතාව ශක්තිමත් කරමින් ප්‍රීතිමත් ජීවිතයක් නිර්මාණය කොට කාන්තාවන් වැඩි පිරිසකට උදව් කිරීමට අප්‍රිකාව කැමැත්තෙන් සිටින බව ඔවුන් පවසා ඇත.
播放
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි