චීන ශ්‍රී ලංකා තරුණ හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් පැවැත්වේ.”හායි චයිනා හායි ශ්‍රී ලංකා” යන තේමාවෙන් යුත් එම වැඩසටහන චීන මාධ්‍ය සමූහය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධාන කළේය.ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේ පැවති එම වැඩසටහන තරුණ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය. චීන මාධ්‍ය සමූහයේ සිංහල අංශයේ ප්‍රධානී ෂී යුයැ මෙනවිය එහිදී සඳහන් කළේ චීන මාධ්‍ය සමූහය මෙවැනි වැඩසටහන් ලොව පුරා පවත්වමින් විවිධ රටවල තරුණ තරුණියන් අතර සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනයට ක්‍රියා කරන බවයි.මෙවැනි වැඩසටහන් චීන ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වයේ වැදගත් අවස්ථාවක් ලෙසට සැලකිය හැකි බවද ඇය සඳහන් කළාය.එහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා සඳහන් කළේ මෙම වැඩ සටහන ජාතික තරුණ සේවා සභාවේ ඉගෙනුම ලබන තරුණ තරුණියන්ට නවමු අත්දැකීමක් වූ බවයි. ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර “වරුණි” ලෙසින් ජනප්‍රිය චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදිනී ජ්‍යන් සොන් සිං මෙනවිය සිංහල ගීත ගායනා කරමින් ඉදිරිපත් කළ ක්‍රියාකාරකම් පැමිණ සිටි තරුණ තරුණියන් ගේ වඩාත් ආකර්ශණයට ලක්විය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්