චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(23) 6 වැනි චීන-රුසියා බලශක්ති වාණිජ සංසදය වෙත සුභපැතුම් පණිවුඩය පිරිනැමීය.
මේ වසර, චීන-රුසියා රාජ්යතාන්ත්රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය බව ෂී ජින් පිං මහතා එම පණිවුඩයේ සඳහන් කළේය. පොදු උත්සාහ මත නව යුගයේ චීන රුසියා සම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. රුසියාව සමග බලශක්ති ක්ෂේත්රයේ ප්රතිපලාභී සහයෝගිතා ප්රවර්ධනය කරමින් ගෝලීය බලශක්ති කර්මාන්තය වඩාත් ප්රබල, හරිත මෙන්ම යහපත් ලෙස වර්ධනය වීමට කැපවීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එම පණිවුඩයේ සඳහන් කළේය.
රුසියා ජනාධිපති Vladimir Putin මහතා ද අද(23) එම සංසදය වෙත සුභපැතුම් පණිවුඩයක් යොමු කළේය.
More Stories
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති
චීන ජනපතිගේ ප්රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්රීඩා උළෙල ඇරඹේ
වෙළඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර