චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා නැගෙනහිර ටිමෝර ජනාධිපති José Manuel Ramos-Horta මහතා හමුවිය.
මීට වසර 22කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සහ නැගෙනහිර ටිමෝරය සෑම විටම අන්‍යෝන්‍ය
අවබෝධය සහ දේශපාලන විශ්වාසය ශක්තිමත් කර ගනිමින් ඵලදායී ප්‍රතිඵල ලබා ගත් බව Li Qiang මහතා එහිදී පැවසීය.
නැගෙනහිර ටිමෝරය සමග පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් පවත්වා ගනිමින්, දෙපාර්ශ්වයටම පොදු ප්රතිලාභ හිමි කර දෙමින් එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත. එමෙන්ම නැගෙනහිර ටිමෝරයෙන් ඉහළ ගුණාත්මක නිෂ්පාදන ආනයනය කිරීමටත්, එරට තුළ සිදු කරන ආයෝජන ප්‍රවර්ධනය කිරීමට චීන ව්‍යවසායන් දිරි ගැන්වීමටත් චීනය කැමැත්තෙන් සිටී.
සිය ජාතික අනන්‍යතාවට ගැළපෙන සංවර්ධන මාවතක් අනුගමනය කරන චීනය නැගෙනහිර ටිමෝරයේ ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා සහාය ලබා දෙනු ඇත. ඒ සඳහා දෙපාර්ශ්වයම සිය සංවර්ධන උපායමාර්ග තවදුරටත් ඒකාබද්ධ කර ප්‍රායෝගිකව ශක්තිමත් කළ යුතු බව Li Qiang මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සිය රට සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පළමු රට චීනය බව සඳහන් කළ José Manuel මහතා දිගු කාලයක් තිස්සේ චීනය දක්වන සහයෝගයට සිය ස්තූතිය පළ කළේය. ජාත්‍යන්තර සහ කලාපීය කටයුතුවලදී චීනයේ කාර්යභාරය ඉතා ඉහළින් අගය කරන අතර එකම චීනය මූලධර්මය දැඩිව අනුගමනය කරන බව ද හෙතෙම කියා සිටියේය. එමෙන්ම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සඳහා සක්‍රියව සහභාගී වෙමින්, විවිධ ක්ෂේත්රවල චීනය සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව José Manuel මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ