චීන අගමැති ලී ච්‍යං මහතා තායිලන්ත අගමැති Paetongtarn Shinawatra මහත්මිය හමු වෙයි.
ඒ ඊයේ (10) ලාඕසයේ වියන්ටියාන් හි පැවති නැගෙනහිර ආසියාවේ සහයෝගිතා පිළිබඳ නායකයන්ගේ රැස්වීම්වලට එක්වන අතරතුර දී ය.
එළඹෙන වසරේ චීන-තායිලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය යෙදී ඇති බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. තායිලන්තය සමග සාම්ප්‍රදායික මිත්‍රත්වය හා උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කරමින් පොදු ඉරණමක් සහිත චීන-තායිලන්න ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ ගිවිසුම උසස් මට්ටමකින් ක්‍රියාත්මක කිරීම හරහා කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය වේගවත් කරමින් කලාපීය සාමය හා ස්ථාවර සංවර්ධනය එක්ව ආරක්ෂා කිරීමට චීනය අපේක්ෂා කරන බව ද ලී ච්‍යං මහතා කියාසිටියේය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ, චීනය අඛණ්ඩව සංවර්ධනය ළඟා කර ගනු ඇති අතර, ලෝක සාමය හා සමෘද්ධිය උදෙසා චීනය වඩා වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව Paetongtarn Shinawatra මහත්මිය එහිදී ප්‍රකාශ කළාය. කලාපීය සාමය, ස්ථාවරත්වය මෙන්ම සමෘද්ධිය සහතික කිරීම සඳහා, ආසියාන්, Lancang-Mekong සහයෝගීතාව වැනි බහුපාර්ශ්වික සහයෝගිතා රාමු යටතේ දෙරට අතර පවතින විවිධ හුවමාරු ශක්තිමත් කරමින්, වඩා නිදහස් මෙන්ම පහසු වෙළඳ හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට තායිලන්තය කැමැත්තෙන් සිටින බව ද Paetongtarn Shinawatra මහත්මිය එහිදී සඳහන් කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි