චීනයේ ඇරයුමට අනුව පලස්තීනයේ පාර්ශ්ව 14ක උසස් නියෝජිතයන් පසුගිය 21වනදා සිට අද(23) දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පැවැත්වූ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා අද(23) එම සංහිඳියා සංවාදයේ සමාප්ති උත්සවයට එක් වෙමින් දේශනයක් සිදු කළ බව Mao Ning මහත්මිය කීවාය.
පලස්තීනයේ පාර්ශ්ව 14 අතර සංහිඳියාව මෙවර සංවාදයේ වැදගත් ම එකඟතාව බවට පත් වන බව වං යී මහතා එහිදී පැවසීය. පලස්තීන විමුක්ති සංවිධානය, පලස්තීන ජනතාවගේ එකම නිත්‍යනුකූල නියෝජිතයා ලෙසට පත්වීම, මෙවර සංවාදයේ කේන්ද්‍රීය ප්‍රතිඵලයක් බව වං යී මහතා කීය. ගාසා තීරයේ පශ්චාත් සංවර්ධනය හා තාවකාලික ජාතික සංහිඳියා රජය ස්ථාපිත කිරීම පිළිබඳ විවිධ පාර්ශ්ව එකඟතාවට පැමිණීම, මෙවර සංවාදයේ කැපී පෙනෙන ප්‍රතිඵලයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙවර සංහිඳියාව මත පලස්තීනයේ විවිධ පාර්ශ්වයන්‍ට කඩිනම් ජාතික එකමුතුව හා ස්වාධීන රටක් ගොඩනැගීමට හැකිවෙතැයි චීනය අපේක්ෂා පළ කරන බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ