2024 වසරේ, මුල් මාස හතේ චීනයේ විදේශ වෙළෙඳ පරිමාණය වර්ධනීය මට්ටමකට ළඟාවෙයි.
චීන රේගු සංඛ්‍යාලේඛන අනුව, මෙම වසරේ මුල් මාස හත තුළ, චීනයේ නැගෙනහිර ප්‍රදේශවල ආනයන හා අපනයන පරිමාව චීන යුවාන් ට්‍රිලියන 19.93 කි. එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 7.1% ක වර්ධනයක් පෙන්නුම් කර තිබීම කැපීපෙනේ. බටහිර ප්‍රදේශවල ආනයන හා අපනයන පරිමාව චීන යුවාන් ට්‍රිලියන 4.18 ක් වන අතර, එය 2023 වසරේ සමාන කාලයට සාපේක්ෂව 2.5% ක වර්ධනයක් සටහන් කර ඇත. චීනයේ ඊසානදිග ප්‍රදේශවල ආනයන හා අපනයන පරිමාව චීන යුවාන් බිලියන 717.58 ක් විය. එය පෙර වසරේ සමාන කාලයට වඩා 2.1% කින් ඉහළ ගොස් තිබේ.
චීනයේ රේගු පරිපාලනය පැවසුවේ, වසරේ පළමු මාස හත තුළ චීනයේ නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ ඊසානදිග ප්‍රදේශ සිය ස්ථානීය විශේෂතා සහ කාර්මික අංශයේ පවතින වාසි යොදාගනිමින් විදේශ වෙළඳාමේ පුළුල් වර්ධනයක් අත්කර ගෙන ඇති බවයි.
ඉකුත් ජූලි මාසයේ නැගෙනහිර ප්‍රදේශවල ආනයන සහ අපනයන වර්ධන වේගය ස්ථාවරව පැවති බව ද එම වාර්තාවේ දැක්වේ. එසේම, මධ්‍යම හා බටහිර ප්‍රදේශවල මෙන්ම ඊසානදිග ප්‍රදේශවල වර්ධන වේගය මෙම වසරේ පළමු භාගයට සාපේක්ෂව පිළිවෙළින් 9.4%කින් සහ 4.2%කින් වේගවත් වී ඇත.
මීට අමතරව චීනයේ ක්‍රියාත්මක විවෘතභාවය පුළුල් කිරීමේ වැඩසටහන්, කලාපීය වශයෙන් ද ප්‍රශස්ත මට්ටමක පවතී.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි