වර්තමාන ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධිත රටවල් ලෙස චීනය සහ ඇමරිකාව විශ්වයේ දිගුකාලීන පැවැත්මකින් යුත් පාර්ශ්වයන් දෙකක් වන අතර ඔවුන් සාමකාමී සහජීවනයෙන් කටයුතු කළ යුතු ය. මෙය චීන-ඇමරිකා සබඳතාව පිළිබඳ චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා චීන ජාතික සැසිවාර දෙකෙහි රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධව පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ අර්ථ නිරූපනයකි. වැඩි අවධානයට ලක් වූ චීන-ඇමරිකානු සබඳතාව කෙසේ විග්‍රහ කළ හැකි ද? මේ පිළිබඳ විමසා බැලීමට චීන මාධ්‍ය සමූහයේ CGTN ආයතනය දෙරටේ වයස අවුරුදු 18ත් 45ත් අතර 4003ක පමණ තරුණ පුද්ගල නියැදියක් යොදා ගෙන සමීක්ෂණයක් සිදු කර ඇත. එහිදී පොදු එකඟතාව වූයේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභය යන්නයි.
මාධ්‍ය හමුවේදී චීන-ඇමරිකානු වෙළඳ ගැටුම් දෙස අවධානය යොමු කරමින් Wang Yi මහතා ඇමරිකාවට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය. ඇමරිකාවට තීරු බදු යුද්ධයෙන් හෝ වෙළඳ යුද්ධයෙන් හිමි වූයේ මොනවාද? වෙළඳ හිඟයේ යම් කිසි උච්චාවචනයක් පවතීද? නිෂ්පාදන ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයේ වෙනසක් පවතීද? උද්ධමනයේ වෙනසක් ඇති වී තිබේද? ජනතාවගේ ජීවන තත්ත්වයේ පරිවර්තනයක් සිදු වී ඇත්ද? මෙවැනි ප්‍රශ්න සඳහා නිසි පිළිතුරු නොමැති පසුබිමක මේ සමීක්ෂණයේදී, ප්‍රතිචාර දැක්වූ තරුණ පිරිස් මෙම ගැටලු සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ප්‍රධාන විසඳුම බව සඳහන් කර සිටී. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් චීන, ඇමරිකා පිළිවෙළින් සියයට 87.3%ක් සහ 78.5%ක් මෙම අදහසට එකඟත්වය පළ කර තිබේ.
දෙරට අතර සබඳතා පිළිබඳ අගය කිරීමේදී චීන තරුණ පිරිසගෙන් බහුතරයක් “සහයෝගය සහ තරඟය” යන විකල්පය තෝරා ගෙන ඇති අතර ඔවුන්ගෙන් “තරඟය” යන්න යෝජනා කර ඇත්තේ 17.7%ක් පමණි. නමුත් ඇමරිකාවේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 43.1%ක් ඉහත විකල්පය තෝරා ගත්ත ද ඔවුන්ගෙන් 22.7%ක් “තරඟකාරි සබඳතාවය” තෝරා ගෙන තිබේ. ආර්ථික හා වාණිජ සබඳතාවල පවතින ව්‍යුහාත්මක ගැටළු දෙස සන්සුන්ව බලා සංවාදයෙන් ඒවා විසඳා ගත යුතු බව මෙම පිරිස් දෙරටෙන් ඉල්ලා සිටී.
චීනය සහ ඇමරිකාවට සැබවින්ම පොදු සහයෝගීතාවන් සඳහා පුළුල් ඉඩක් පවතී. එබැවින් අන්‍යෝන්‍ය සාර්ථකත්වයක් කරා ගමන් කළ හැකි වනු ඇත. සමීක්ෂණයේදී චීන සහ ඇමරිකානු ප්‍රතිචාර දැක්වූවන් පිළිවෙළින් සියයට 98.2 ක් සහ 92.6 ක් මෙම අදහසට තරයේ එකඟ වන අතර ද්විපාර්ශ්වික සබඳතාවල තිරසර සංවර්ධනයක් අපේක්ෂා කරයි.
දෙරට අතර නිෂ්පාදන, පිරිසිදු බලශක්තිය සහ පාරිසරික ආරක්ෂාව සහ කෘතිම බුද්ධිය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ඇමරිකානු තරුණ ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කර තිබේ.
මෙම ද්විපාර්ශ්වික සබඳතාවල අපේක්ෂාව මෙන්ම පදනම පවතිනුයේ ජනතාව තුළයි. එහි අනාගතය දෙරට තරුණ ප්‍රජාවයි. චීන-ඇමරිකා දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය හුවමාරු ප්‍රවර්ධනය කළ යුතු බව චීන යොවුන් පිරිසගෙන් 76.8%ක් ද, ඇමරිකානු යොවුන් පිරිසගෙන් 80.7%ක් ද විශ්වාස කරති.
CGTN ආයතනය සහ චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය එක්ව නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ ආයතනයේ සහයෝගයෙන් මෙම සමීක්ෂණය සිදු කෙරිණ. මේ සඳහා ඇමරිකාවේ සහ වොෂින්ටන් ඩී.සී. හි සියලුම ප්‍රාන්ත මෙන්ම චීනයේ බෙයිජිං, ෂැංහයි, ගුවැන්ජොව්, චෙන්ග්දු සහ ෂියාන් ඇතුළු කලාප හතක ප්‍රධාන නගර 16ක් ආවරණය කිරීම විශේෂත්වයකි.
More Stories
ඇමරිකානු බුද්ධි අංශ නීතිවිරෝධීව රහස්‍ය තොරතුරු සොරකම් කර ඇති බවට චීනය චෝදනා කරයි
චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි