චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී

චීන මාධ්‍ය සමූහය සහ කාම්බෝජ තොරතුරු, කලා හා සංස්කෘතික, සංචාරක යන අමාත්‍යාංශ මෙන් රාජකීය පවුලේ පර්යේෂණ ආයතනය එක්ව සංවිධාන කළ චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් පැවැත්වේ. අදාළ ක්‍රියාකාරකම් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ කාම්බෝජයේ නිල සංචාරය නිමිත්තෙන් ඊයේ(17) Phnom Penh නගරයේදී පැවැත්විණ.

කාම්බෝජයේ සහ චීනයේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික, මාධ්‍ය සහ අනෙකුත් ක්ෂේත්‍රවල ආරාධිතයෝ 200 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති සහ සෙනෙට් සභාවේ සභාපති Samdech Hun Sen මහතා, එම වැඩසටහන සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමුවේය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා මෙම අවස්ථාවට සහභාගී වී එහිදී දේශනයක් පැවැත්වීය. ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නිල සංචාරය නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහය සහ කාම්බෝජයේ විවිධ ක්ෂේත්‍ර අතර නව වටයේ සංස්කෘතික හුවමාරු සහ සහයෝගීතාවය ආරම්භ කර තිබෙන බව ඔහු සඳහන් කළේය. මෙමගින් කාලය හා අවකාශය ඉක්මවා යන චීන-කාම්බෝජ මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් සාමය හා සංවර්ධනය පිළිබඳ පොදු අදහස් එක්රැස් කිරීමටත් ජාත්‍යන්තර මහජන මතය තුළ ගෝලීය දකුණේ වැදගත්කම ඉහළ නැංවීමටත් අපේක්ෂා කරන බව Shen Haixiong මහතා එහිදී පවසා ඇත.

එදිනම, චීන-කාම්බෝජ මාධ්‍ය හවුල්කාරිත්ව යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම, චීන-කාම්බෝජ ශිෂ්ටාචාර හුවමාරුව පිළිබඳ රූපවාහිනී වැඩසටහන් විකාශය ආරම්භ කිරීම, 10 වැනි එළිමහන් සිනමා උත්සවය ආරම්භ කිරීම සිදු විය. චීන මාධ්‍ය සමූහය කාම්බෝජ රාජ්‍ය ආයතන සහ මාධ්‍ය ආයතන සමග සහයෝගීතා මාලාවකට එළඹීම ද විශේෂත්වයකි.  

WP Twitter Auto Publish Powered By : XYZScripts.com