චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ විශේෂ රැස්වීමක් ඊයේ (26) සහ අද (27) යන දෙදින තුළ පැවැත්විණ. නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය ගැඹුරින් අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම එහිදී අවධාරණය කර ඇත. පක්ෂ විනය අධ්‍යයනය කිරීම සහ ඒ පිළිබඳ හැදෑරීමෙහි ප්‍රතිඵල ඒකාබද්ධ කිරීම මෙන්ම ගැඹුරු කිරීම කෙරෙහි මෙම රැස්වීමේ දී අවධානය යොමු කළ අතර, විනය රෙගුලාසි අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රෙගුලාසි අටක් ක්‍රියාත්මක කිරීම මෙම රැස්වීමේ වැදගත් කොටසක් ලෙස සැලකිණ. තවද, ස්වයං පරීක්ෂණ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ආත්මය විශ්ලේෂණය මෙන්ම යථාර්ථයන් මත පදනම් වූ විවේචන සහ ස්වයං විවේචන ද එම රැස්වීමේදී සිදු කරන ලදී.
චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා රැස්වීමේ මුලසුන දැරූ අතර හෙතෙම එහිදී වැදගත් දේශනයක් ද පැවැත්වීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආත්මය මනාව වර්ධනය වී ශක්තිමත් නම්, පක්ෂයේ විනය ආරක්ෂා කිරීමේදී ජනතාව වඩාත් සවිඥානික වන බව ෂී ජින් පිං මහතා එම රැස්වීමේදී පෙන්වා දුන්නේය. එසේම, චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය අධ්‍යාපනයේ සහ සංයමයේ ක්‍රියාකාරිත්වය පමණක් නොව, සහතික කිරීමේ සහ අභිප්‍රේරණය කිරීමේ කාර්යය ද ඇති බව ඔහු පැවසීය. පක්ෂයේ විනය අකුරටම ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම සමස්ත පක්ෂයේම පොදු වගකීමක් බව ඔහු අවධාරණය කළේය.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය