චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය

චීන භූකම්පන විශේෂඥයෝ, ගලවා ගැනීමේ කටයුතු සිදු කිරීමේ නිලධාරීහු සහ වෛද්‍ය කාර්යමණ්ඩලය 400 ක් පමණ, මියන්මාරයේ ආපදා සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටිති. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(31) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, චීන සහන කණ්ඩායම සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 6 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බවයි. 

මියන්මාරයට බලපෑ භූකම්පා ආපදා තත්ත්වය සම්බන්ධයෙන් චීනය වැඩි අවධානයක් යොමු කර ඇත. භූකම්පනයෙන් පැය 18 කට පසු චීන යුන්නාන් පළාතේ සහන වෛද්‍ය කණ්ඩායම මියන්මාරයට ගොස් ඇති අතර, පීඩාවට පත් ප්‍රදේශ වෙත ඇතුළු වූ ප්‍රථම ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම මෙයයි. චීන රතු කුරුස ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම ඇතුළු චීනයේ විවිධ සිවිල් ගලවා ගැනීමේ බලකායන් මියන්මාරයට ගොස් ඇති අතර තවත් කණ්ඩායම් ඊට එක්වනු ඇත. මියන්මාරයට චීන යුවාන් මිලියන 100ක හදිසි මානුෂීය ආධාර ලබාදෙන බව චීනය නිවේදනය කර තිබේ. පළමු හදිසි සහනාධාර තොගය මේ වනවිටත් මියන්මාරයට ළඟා වී තිබේ. මෙම අවස්ථාවේ දුෂ්කරතා මඟහරවා ගැනීමට සහ ඉන් ජය ගැනීමට මියන්මාරය සමග එක්ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව Guo Jiakun මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com