ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන “Air India” ගුවන් සමාගම, එරට ඇති විශාලතම ව්‍යාපාරික ආයතනය ලෙස සැලකෙන ටාටා සමූහයට විකිණීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
එම ගුවන් සමාගම විකුණා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4කට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටාටා සමුහය විසින් 1932 දී “Air India” ගුවන් සමාගම පිහිට වූ අතර ඉන්දීය රජය විසින් එම ගුවන් සමාගම 1953 දී තම යටතට්ස් පවරා ගත්තේය.
වාර්තා වී ඇති තොරතුරු අනුව “Air India” සමාගම ඩොලර් බිලියන 9.5ක පාඩුවක් ලබා තිබේ.
පසුගිය වසර කිහිපය තුළ ඉන්දීය රජය තමන් සතු එම සමාගමේ කොටස් විකිණීමට උත්සාහ දැරුවද එය සාර්ථක නොවිණි.
“Air India”සාමාගම සතුව ගුවන්යානා 130ක් තිබේ.
More Stories
චීන හා චිලී ජනාධිපතිවරුන් අතර හමුවක්
චීනය සහ බ්‍රසීලය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි
චීන- ලතින් ඇමරිකා සංසදය දැවැන්ත ජයග්‍රහණ ලබාගෙන ඇතැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි