ඔන්ලයින් ක්‍රමය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ දැවැන්ත ව්‍යාපාරික ජාලයක් වන ඇමසෝන් සමාගමේ සේවය කරන සේවකයින් 19,816 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි එම සමාගම පවසනවා.
එම සමාගමේ සේවකයින් මිලියන 1.37ක් පමණ සේවය කරන අතර එම සංඛ්‍යාවට සාපේක්ෂව කොරෝනා වෛරසය වැළඳී ඇති ප්‍රතිශතය 1.44% ක් වනවා.
එම සමාගමේ සේවකයින්, සේවක සංගම් සහ දේශපාලනඥයින් චෝදනා කරන්නේ, ඇමසෝන් සමාගම සිය සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමක හෙළා ඇති බවටයි.
කෙසේ වෙතත්, එම සමාගම පැවසුවේ, සේවකයින් ආසාදිත ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින බවයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි