
ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය පසුගිය 7වැනිදා පළ කළ නිවේදනයකට අනුව, 2011 සිට අවම වශයෙන් අවස්ථා තුනකදී, ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ටෙරොයිඩ් සහ එරිත්රොපොයිටින් භාවිතා කිරීමේ දඩ මුදල්වලින් සහ දඬුවම්වලින් නිදහස් කර ඇති අතර, ඔවුන්ට බාධාවකින් තොරව තරග කිරීමට ඉඩ සලසා ඇත. මෙම ප්‍රවේශය පැහැදිලිවම ක්‍රීඩා තරගවල සාධාරණත්වය අඩපණ කර ඇති අතර, අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් බව, එම නිවේදනයේ සඳහන් කෙරිණ.
මෑත වසරවලදී, ඇමරිකාව චීනයට එරෙහිව සර්ව සම්පූර්ණ පාලන පියවර සහ මර්දනය අඛණ්ඩ ව තීව්ර කර ඇත. ඊනියා “මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ සිද්ධීන්” හුවා දැක්වීම මෙන්ම, චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ චීනයේ ජාතික ප්‍රතිරූපයට මඩ ගැසීම ද ඔවුන්ගේ එක් ක්‍රමයක් බවට පත්ව ඇත. මේ වසරේ ජනවාරි මස ආරම්භයේ සිට, පැරිස් ඔලිම්පික් උළෙලට ආසන්න කාලය දක්වා, චීන පිහිනුම් කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුම තහනම් උත්තේජක විරෝධී සංවිධානය විසින් සාමාන්‍යයෙන් 21 වතාවක් පමණ පරීක්ෂාවට ලක් කරන ලදි. නමුත් ඇමරිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් පරීක්ෂාවට ලක් කර ඇති වාර ගණන 6ක් වන අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් සිව්වරක් පමණක් පරීක්ෂාවට ලක් කර ඇත. ඒ සමග සැසඳීමේ දී චීන ක්‍රීඩකයින්ට පමණක් වඩා වැඩි අවස්ථා ගණනක දී පරික්ෂාවට බඳුන් වීමට සිදුව ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රකාශක M.ADAMS මහතා ද පැවසුවේ, චීන පිහිනුම් කණ්ඩායම “පුළුල් පරීක්ෂණයකට භාජනය කර ඇති” බවයි.
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්