APEC සංවිධානයේ බලශක්ති කාර්ය මණ්ඩලයේ සභාපතිත්වය සඳහා චීනය තෝරා පත් කර ගැනේ.
එම සංවිධානයේ බලශක්ති කාර්ය මණ්ඩලයේ 68වැනි සැසියේ දී, චීනයේ අපේක්ෂකයා එම කාර්ය මණ්ඩලයේ 2025-2026 වසරවල සභාපතිවරයා ලෙසට පත් කෙරිණ. එහි විවිධ ආර්ථික ඒකකයන්හි විශ්වසනීයත්වය හා අනුබලය වෙනුවෙන් චීනය හෘදයංගම ස්තූතිය පිරිනැමීය. මෙවර එහි සභාපතිත්වය දැරීම නිමිති කරගෙන ප්රායෝගික සංවාද තහවුරු කරන බවත් විවිධ ආර්ථික ඒකකයන් සමග සහයෝගිතා පවත්වන බවත් චීනය පවසයි. එමගින් කලාපීය තිරසර සංවර්ධනය සහතික කරන බවට චීනය අපේක්ෂා පළ කර තිබේ.
1990 වසරේ APEC සංවිධානයේ බලශක්ති කාර්ය මණ්ඩලය ස්ථාපිත කෙරිණ. එය, APEC සංවිධානයේ උසස් පෙළේ බලධාරීන්ගේ රැස්වීමේ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා උපදේශන කමිටුවට අනුබද්ධ ව ස්ථාපිත විශේෂ ක්ෂේත්ර හා සම්බන්ධ කාර්ය මණ්ඩල 14න් එකකි. එහි ප්රධාන අරමුණ වනුයේ කලාපීය බලශක්ති සහයෝගිතා තහවුරු කිරීම ය.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ