ඇමරිකාවේ “උද්ධමනය අඩු කිරීමේ පනත”ට එරෙහිව යුරෝපා සංගමය ප්‍රතිචාර දක්වයි.පසුගිය වසරේ ඇමරිකාව විසින් සම්මත...
Lanka Plus News Editor 1
The Wall Street Journal පුවත්පත පසුගිය 15වැනිදා පළ කළ නවතම කාර්තු සමීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව, ඇමරිකා ෆෙඩරල්සංචිතයේ ආක්‍රමණශීලී පොලී අනුපාත ඉහල දැමීමේ පසුබිම යටතේ, ඇමරිකානු ආර්ථිකය ඉදිරි වසරක් තුළ මෘදු අවපාතයකටමුහුණ දෙනු ඇති බවට, ආර්ථික විදයාඥයෝ අපේක්ෂා කරති. ජනවාරි 6 සිට 10 දක්වා ආර්ථික විද්යාඥයින් 71 දෙනෙකු සමීක්ෂණයට එක්ව තිබේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75% විශ්වාසකළේ, ෆෙඩරල් සංචිතය ආර්ථික වර්ධනය මන්දගාමී වීමෙන් උද්ධමනය අඩු කිරීමට අපේක්ෂා කරන නමුත්, ආර්ථිකයේ ‘මෘදුගොඩබෑමක්’ සිදු නොවනු ඇති බවයි. ඉහළ උද්ධමනය සහ එය මැඩපැවැත්වීමට ෆෙඩරල් සංචිතයේ ප්‍රතිපත්තිමය උත්සාහයන්මේ වසරේ ඇමරිකානු ආර්ථිකය මුහුණ දෙන විශාලතම අවදානම වනු ඇත. ඉදිරි මාස 12 තුළ ඇමරිකානු ආර්ථිකය අවපාතයකටලක්වීමේ සම්භාවිතාව 61% තරම් ඉහළ අගයක් ගනු ඇති බව, එම සමීක්ෂණයේ දැක්වේ.
ලෝක ආර්ථික සංසදයේ 2023 වාර්ෂික රැස්වීම ආරම්භ වේ. එම රැස්වීමේ සමාරම්භක උත්සවය ඊයේ (16) ස්විට්සර්ලන්තයේඩාවෝස් නුවර දී පැවැත්විණ. ලොව වඩාත්ම වැදගත් ආර්ථික සංසදයක් වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේ මෙවරතේමාව වන්නේ “බෙදී ගිය ලෝකයක සහයෝගීතාව ශක්තිමත් කිරීම” යන්නයි. ලොව පුරා රටවල් සහ කලාප 130කින් විවිධ මට්ටම්වල නායකයින් 2,700කට වැඩි පිරිසක් මෙම සමුළුවට සහභාගී වේ. එමෙන්මරාජ්‍ය නායකයන් හා රජයේ ප්‍රධානීන් 50 දෙනෙකු පමණ සහ සියලුම ප්‍රධාන ආර්ථිකයන්හි කැබිනට් අමාත්‍යවරු 200ක් පමණඇතුළත් වේ. එසේම, වැදගත් ජාත්‍යන්තර සංවිධානවල නායකයින්, විවිධ කර්මාන්තවල ව්‍යාපාරික නායකයින් සහ විවිධක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ විද්වතුන් ද මෙම සමුළුවට සහභාගී වේ. මෙවර සංසදයේ දී ප්‍රධාන මාතෘකා පහක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. වත්මන් බලශක්ති හා ආහාර අර්බුදය විසඳන්නේකෙසේද, වර්තමාන පවතින ඉහළ උද්ධමනය සහ ඉහළ ණය අනුපාතය සමඟ කටයුතු කරන්නේ කෙසේද, පවතින කාර්මිකඅවපාතය සමඟ කටයුතු කරන්නේ කෙසේද, වත්මන් සමාජ අවදානම විසඳන්නේ කෙසේද සහ වර්තමාන භූ දේශපාලනිකඅවදානම් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න ඇතුළත් වේ.
චීන මාධ්‍ය සමූහය 2023 වසරේ වසන්ත උත්සව ප්‍රසංගයේ 4වැනි පෙරහුරුව අවසන් කරයි. එළඹෙන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන විශේෂ ප්‍රසංගයේ4වැනි පෙරහුරුව ඊයේ (16) සිදු කෙරිණ. තාක්ෂණයෙන් කලාව ඉස්මතු කෙරෙන එම ප්‍රසංගයේ සම්ප්‍රදාය හා නවීණත්වය මුසුවේ.චීනයේ බොහෝ නිර්මාණශීලි ගායකයන් හා ප්‍රකට නළුවන් ප්‍රථම වරට මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට එක්වීම විශේෂත්වයකි. සොං සහ යුවාන් රාජවංශවල දකුණු චීනයේ Pu xian නම් ජනප්‍රිය ප්‍රාදේශීය ඔපෙරාව සහ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝකද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම නාමාවලියට ඇතුළත් කෙරුණු, අග්නිදිග චීනයේ ෆු චියෙන් පළාතේ දකුණු ප්රදේශයේ Nan yin නම් ජනප්‍රිය සාම්ප්‍රදායික සංගීත කලාව, මෙවර වසන්ත උත්සව ප්‍රසංගයේ දී පළමු වරට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම ද සුවිශේෂී වේ.
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී...
පක්ෂ විනය නීති රීති උල්ලංඝනය කරමින් කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර ලබා ගත් පාර්ලිමේන්තු...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්...
සතොස ආයතනයේ අලෙවි කරන ආනයනික සුදු කැකුළු ,සුදු නාඩු ,රතු පරිප්පු ,සුදු සීනි සහ...
මිනිසුන් රහිත ඔරියන් කැප්සියුලය රැගත් ආටෙමිස් රොකට්ටුවේ මංගල සඳ ගමන යළි කල් දැමූ බව,...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි...
ගෝඨාභය රාජපක්ෂ හට හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද යටතේ අවශ්‍ය පහසුකම් සපයන බව ජනාධිපති ලේකම්...
පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අද...
මේ වන විට ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය 25% ක් දක්වා...
කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා කුකුළු...