චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ කාම්බෝජයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Sok Chenda Sophea මහතා අතර හමුවක් තායිලන්තයේ Chiang Mai හිදීපැවැත්විණ.
චීනය සහ කාම්බෝජය අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට සහ සහයෝගතාවයේ ජයග්‍රාහී මාවත අනුගමනය කිරීමට කැපවිය යුතු බව චීන විදේශ අමාත්‍යවරයා එහි දී පැවසීය.
චීනය සෑම විටම අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතර විශේෂ ස්ථානයේ ලා සලකන කාම්බෝජය සමග හවුල් අනාගතයක් සහිත චීන-කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැඟීමේ නව ක්‍රියාකාරී සැලැස්ම ඉහළින් ක්‍රියාත්මක කිරීමට කැමැත්තෙන් සිටී. එහි දී ආරක්ෂක සහයෝගතාවය, සංස්කෘතික සහ පිරිස් හුවමාරු ශක්තිමත් කිරීම මගින් දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන ලෙස උපායමාර්ගික සහයෝගතාවය උසස් සංවර්ධනයක් කරා මෙහෙයවීමට අපේක්ෂා කරන බව Wang Yi මහතා සඳහන් කළේය.
කාම්බෝජයේ නොරොදොම් සිහමොනි රජු මේ වන විට වයඹ දිග චීනයේ ෂින්ජියැන්ග් උයිගුර් ස්වායත්තයේ සංචාරයක නිරත වෙමින් චීනයේ සැලසුම් විධිවිධාන පිළිබඳ යහපත් ආකල්පයකින් පසුවන බව Sok Chenda Sophea මහතා පැවසීය. චීනය නවීකරණය හා සමෘද්ධිය අත්කර ගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට උපකාර කිරීම අගය කළ Sophea මහතා, සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටින චීනයේ සංවර්ධනය සමස්ථ කලාපයටම ප්‍රතිලාභ ගෙන දෙන බව සඳහන් කළේය.
එකම ගංගාවක් සහ පොදු අනාගතයක් බෙදා ගන්නා Lancang-Mekong රටවල් හය සදාකාලික මිත්‍රශීලී අසල්වැසියන් සහ සහයෝගීතාවයේ හවුල්කරුවන් බව පැවසූ Wang Yi මහතා, ඒ හරහා ඉන්දු චීන අර්ධද්වීපයේ සමස්ථ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය තුළ සංවර්ධන පරතරය අඩු කිරීම, ASEAN ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම ඇතුළු හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් බිහිකිරීම උදෙසා කාම්බෝජය ඇතුළු සියළුම පාර්ශ්ව සමග කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්‍රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ